"Mamoru Hosoda (Wolf Children, Mirai) ගේ විශිෂ්ටතම නිර්මාණය! නවීනතම තාක්‍ෂණයෙන් නිර්මාණය වූ මෙම සජීවීකරණ චිත්‍රපටය 'Beauty and the Beast' කතාවේ නව අර්ථකථනයකි.

සම්පූර්ණ චිත්‍රපටය සිංහල හඬකැවූ මුල් පිටපතෙන් නරඹන්න.

කතාව: ජපානයේ ගම්බද පළාතක නිහඬව ජීවත් වන සූසු (Suzu) නම් පාසල් දැරිය, ඇගේ මවගේ මරණයෙන් පසු ගීත ගායනා කිරීමේ හැකියාව සහ උනන්දුව නැති කරගෙන සිටියි. ඇය 'U' නම් දැවැන්ත අන්තර්ජාල අතථ්‍ය ලෝකයට පිවිසෙන විට, ඇගේ සැබෑ ශක්තිය මත පදනම් වූ බෙල් (Belle) නම් රූමත්, සුප්‍රකට ගායිකාවකගේ Avatar එකක් හිමි වේ.

Belle ගේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී, U ලෝකයේ සිටින භයානකම සහ අද්භූතම චරිතය වන 'මකරා' (The Dragon) හමුවීමත් සමඟ කතාවේ හැරවුම් ලක්ෂය සටහන් වේ. බෙල් සහ මකරා අතර ඇතිවන බැඳීමත්, මකරාගේ සැබෑ අනන්‍යතාවය සොයා ගැනීමේ ගමනත් තුළින්, සූසුට ඇගේ අතීත වේදනාව ජය ගනිමින් සැබෑ ලෝකයේ වීරවරියක් වීමට අවස්ථාව ලැබේ.

Original Title: Ryū to Sobakasu no Hime (竜とそばかすの姫)

Director: Mamoru Hosoda (Studio Chizu)

Genre: Anime, Sci-Fi, Musical, Romance, Drama

Original Release: 2021

අපේ චැනලය Subscribe කරලා, තවත් උසස් තත්වයේ සිංහල හඬකැවූ චිත්‍රපට නරඹන්න!"